Posts

Image
  පුරුෂයෙකු ගේ අනුරාගය. Ethan Edward. මම නිකමට වගේ හොයලා බැලුවා නුඹ ගේ ඔය නමේ අර්ථය. පුරුෂයා ලෝකයේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත් අපූරු ආකාරය ගැන කියවෙන ඒ ශුද්ධ වූ ග්‍රන්ථය ට අනුව Ethan, නුඹ යනු අචල, සැම විටම නොනැසී පවතින, සවිමත්, දිගු ජීවිතයක උරුමකරුවා යි. ඇත්තෙන්ම මිත්‍රයා ඒ නම, ඒ අභිධානය නුඹට තරම් ගැළපෙන තවත් චරිතයක් රිදී තිරයක මා දැක නැති තරම්. ඔව් කිසි සැකයක් නෑ ඒක නුඹට ගැලපෙනම නම. සමහර විට John Ford නුඹට ඒ නම දෙන්නම ඇත්තේ හොඳ හැටි හිතා බලලයි. ඇත්තටම කිව්වොත් Ethan, ලුතිනන් Aldo Raine (Inglourious Basterds - 2009) ට පස්සේ මම දැකපු සාහසික ම ජාතිවාදියා නුඹ යි. ජාති වාදියෙක් ගැන මගේ හිතේ තියෙන හිතළු සිහින වලට වඩා මම ඇත්තටම කැමතියි මේ ලෝකයේ දිගු මනුස්ස ඉතිහාසයේ සිට අද වෙනතුරු එය නොනැසී පවතින්නේ ඇයිද යන්න තේරුම් ගන්නට. ඇත්තටම Ethan නුඹ මගේ සමහර ප්‍රශ්න වලට උත්තර දුන්නා. නමුත්, මට නුඹත් එක්ක බේරා ගන්න කාරණාවක් තියෙනව මිත්‍රයා. ඒ කාරණාව John Ford මට නොකියා කියපු යමක්. ඔව් හරියට රහසක් වගේ. ඒ රහස පිරිමියෙක් ගේ ඇට මිදුළු වල පතුලේ ම තැන්පත් වෙච්ච ඔහු කිසිම දාක හෙළි නොකරන ඔහුගේ අනුරාගික...

Predestination (2014)

Image
පළමු ජවනිකාව....... 1970 නොවැම්බර් 06 මාරාන්තික බෝම්බ කරුවාට බියෙන් සලිත වූ නිව්යෝක් නගරය පලා යාමට තරම් එඩිතර නොවූ බේබද්දන් කීප දෙනෙක් සමග තනි වූ අවන්හල කවුන්ටරයෙන් මෙපිට "අවිවාහක මව" හෙවත් ජේන් හෙවත් ජෝන්. කවුන්ටරයෙන් එපිට "බාර්කිපර්" හෙවත් කාල යාත්‍රිකයා හෙවත් සංවිදානයේ ඒජන්තයා. "තමුසෙට විහිළු තෙරෙන්නේ නැද්ද...?" කියනවකො බලන්න විහිළුවක්..... මොනවා බාර් කිපරයෙක් වෙලා තමුසේ විහිළුවක් වත් දන්නේ නැද්ද..එකක්වත්. හරි මං අහගෙන ඉන්නේ කියනවකො........ "මොකාද ආවේ ඉස්සෙල්ල කිකිලිද.....බිත්තරේද?" මොහොතක නිහැඩියාව.... සරදම් සුසුම සමග........ "කුකුළා......." දිගම දිග ආත්ම කථනයකට පසු..... දිගම දිග සවන්දිමකට පසු..... ඊළඟ ජවනිකාව, 1963 අප්‍රේල් 03  වැසිබර සැන්දෑවක රාත්‍රී පාසල් දොරටුව අභියස එක පසෙක අනාගතයේ ජෝන් හෙවත් වර්තමානයේ ජෝන් හෙවත් අතීතයේ ජේන්. අනෙක් පස අනාගතයේ ජෝන් හෙවත් වර්තමානයේ ජේන් හෙවත් අතීතයේ ජේන්. "සමාවෙන්න.." "මම කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ" "ඇත්තට ඔබ දන්නවද....ඒ ගොල්ලෝ කියන්නේ මග බලාගෙන ඉන්න අ...

Darkest Hour 2018 - පර සුද්දා.! අධිරාජ්‍යවාදියා......

Image
මගේ සිත මා වඩාත් ප්‍රිය කරන නළුවකුගේ රංගනයේ උපරිමයක දී වශීකෘතව තිබුණි. ඔලුවේ දහසක් සිතුවිලි අවදි වෙමින් තිබුණි.උණුසුම් අන්ධකාරය දිය කරමින් විදුලි එලි දැල්වෙද්දී අපි සීතල ට එකතු වූවෙමු. හියර්…..අල්ලපු රටේ මිතුරා දුම් වැටිය දිගු කරමින්ම කතාවට මුල පිරිය. ‘’උඹ දන්නවද අවුරුදු තුන්සීයක් අපේ රට හූරගෙන කාපු. අපෙන් පෝසත් වුනු ඔය සුද්දා අපේ ගාන්ධි ජි ට කිව්වේ මොකක්ද කියලා. අපේ මහා පුරුෂයෝ උන්ට අඩ නිරුවත් සන්නාසියෝ වුනා. අපි ඌරො වුනා. අපේ රට උන්ට අපායක් වුනා…….ඒත් උන් අපෙන් පෝසත් වුනා. අපේ මිනිස්සු දාස් ගානක් බඩගින්නේ මැරෙද්දි ඔය සුද්දා අපිට හාල් ඇටයක් දෙන්ඩ එපා කිව්වා..ඒත් අපේ මිනිස්සු ලස්ස ගානක් උන්ගේ යුද්දෙකට දැක්කුවා හරක් වගේ. අන්තිමට උන් අපේ රට කෑලි කෑලි කරා. අපිව බේද භින්න කරා. විරුද්ධ වෙච්ච සහෝදරයෝ දාස් ගානක් තුච්ච විදියට මරල දැම්ම.අපිට අපේම සහෝදරයට, අපේම භූමියට වෛර කරන්ඩ කියලා දීලා ඌ යන්න ගියා. අපි අදටත් ඒ ගින්දරෙන් පිච්චෙනවා. ඒත් උන් උන්ගේ රට ට ආදරේ කරා. උන්ගේ රට ජාතිය වෙනුවෙන් ජිවිතේ කැප කළා. ඔය පර සුද්දගේ රට අදටත් එක්සත් රාජධානිය. මගේ මහා භාරතය අද නිකන්ම නිකං...

The Light Between Oceans - ආලෝකයේ පාට හොයා ගමු

Image
ඉස්සරෝම දවසක, බොහොම ඉස්සර පොතක පිටු අතරේ අකුරු වල ක අතරමං වෙලා ඉන්න මොහොතක මට හමු වුනා පුංචි දැරිවියක්, එයා දුර්ගා. ඒත්  ඒ අකුරු අතරේ දුව පැන ඇවිදපු පුංචි දැරිවියගේ ජීවිත නිමේෂය...ඇගේ දයාර්ද ‘භාවය’ මගේ ගොරහැඩි හදවත පතුලට ම දන්වන්න තරම් හයියක් ඒ  මනස්කාන්ත වචන වලට වත් තිබුනේ නැහැ. නමුත් ... මම හැමදා ම ඈ ගැන හිතුවා. බොහෝම කාලයකට පස්සේ හවස් වරුවක නගරයේ තැනක, අඳුරු අවකාශයක...රිදී තිරයක. ඈ මගේ ඇස් ඉස්සරහටම එනකොට මගේ හිස පිටුපස්සේ හීනියට හිරි වැටිලා ගියා. පුංචි සහෝදරයාගේ  අත් අල්ලාන කෝච්චිය දිහා ඈ බලන් ඉන්න කොට. ඇත්තම බෙංගාලයේ ගම ගෙයක මිදුලක ඈ දුව පැන ඇවිදින කොට. මහා සැඩ කුණාටුව ක් අභියස තැති ගත් ඒ දැරිවිය ගේ දෙනෙත් දිහා බලන් ඉන්න කොට. මගේ හදවත මහා බර පොදියකින් තෙත බරියන් වෙලා සැහැල්ලු වෙලා යනකොට….. මම දැන ගත්තා දෙයක්. ඔව් මම ඉපදිලා ඉන්නේ කියවන්න විතරක් නෙමෙයි…. මම ඉපදිලා ඉන්නේ දකින්න…. ඒ අකුරු පාලු අඳුරු අවකාශය දී මගේ ඇස් ඉස්සරහ ජීවමාන වෙනයුරු දකින්න. ඉතිං…. කාලෙකට කලින් දැනුන ඒ හැඟීම මට අදත් දැනුනා….. සමහර විට ඊටත් වැඩියෙන්...

මාගම් සෝලිය.පිරිමින්ගේ පොළොවේ ගැහැණු... ගැහැණුන්ගේ අහසේ පිරිමි.. ඉතිහාසය ෆැන්ටසියක දැකීම.

Image
සිංහලයෙන් ලියන ලේඛකයන් සහ සිංහලයෙන් කියවන පාඨකයන් අතර මා දකිනා පරිද්දෙන් සදාතනික බැඳීමක් තිබේ. ඒ නම්, ලේඛකයා සම්ප්‍රදායික ආකෘතියෙන් මිදී තම සිතුවිළි හැසිරවීමට මැලිකමක් දක්වන අතරම පාඨකයා ද යල්  පැන ගිය ආකෘතියෙන් මිදී කොටුවෙන් පිට සාහිත්‍යය විඳින්නට බිය වීමයි. කාලෙකට ඉහත සයිමන් නවගත්තේගමයන් වැන්නවුන් සම්ප්‍රදායික රාමුවෙන් පිට රචනාව සිංහල පාඨකයින්ට විඳින්නට සැලැස්වූ  නමුදු මා  දන්නා පරිදි බහුතරයකට ඔහුගේ ලියවිල්ල අපබ්‍රන්සයක්ම විය. ‘මොහාන් රාජ් මඩවල’ (මේ  මා ඔහු කියවන පළමු සහ අවසන් වතාවයි) විසින්  මේ රචනාව තුල සිංහල කථාන්දර කලාව වෙනස් රාමුවක බහා ගොතන්නට ගත් උත්සාහය සැබවින්ම අගය කල යුතුය. අවංකවම සමගාමී ලෝක සාහිත්‍යය අසුරු කරන්නෙකුට ඔහුගේ කතාව කලින් කියවා පුරුද්දක් බව දැනුනද…… සිංහල භාෂාවේ අලංකාරය දකින්නට කැමත්තෙන් කියවන්නෙකුට  ඔහුගේ ලියවිල්ල දුප්පත් බව හැඟුනද……. කතාවේ දාර්ශනික කියවීමට අත්‍යවශ්‍ය වූ රමණයේ ශ්රුන්ගාරාත්මක විස්තරය ඒ ඒ අවස්ථාවන්ට අනුරුප නොවන ලෙසින් හුදු කාමොත්පාදක රචනාවක් ලෙසින් ලියවී තිබුනද……(වෙළඳ උපක්‍රමයක් දෝයි සිතෙන තරමට ) ...

එකම එක කතාන්දරයක්......., චිත්‍රපට ගොඩාක් සමග රස ආශ්වාදයේ අපුර්වත්වය.

Image
සමාජවාදයට පෙර රුසියාවේදී...,1848 දී....,28 හැවිරිදි තරුණ ප්යෝදෝර් දොස්තොව්ස්කි කෙටි කථාන්දරයක් ලියුවේ ය. තනිකම රජයන හදවතක ...ආදරනිය බලාපොරොත්තු ...නිර්මල ප්‍රාර්ථනා වක්  හමුවේ විරහවේ ගිලෙන'යුරු පරමාදර්ශී රෝමාන්තික රිද්මයකින් අකුරු කල ඔහු  ශත වර්ෂ යකටත් අදික කාලයක තරුණ හදවත් වල ආදරය දිනා ගත් කතාන්දරයක් බිහි කළේය.  ඉවාන් තුර්ගනෙව් ගේ කාව්‍යයකින් කතාව ඇරබේ... පාලු හුදකලා ජීවිතයකට ගිලී සිටින  පිරිසුදු හදවතක් ඇති තනිකඩයා ගේ අව්‍යාජ උපකාරය ට හිමිකම් කියන...,තමා හැර දමා දුර ඈත මොස්කොව් වෙත ගිය පෙම්වතා එන තුරු දින ගනින 'නස්ටෙන්කා' නම් වූ රූමතිය. ඇගේ නිර්මල තාරුණ්‍යය හමුවේ ආදරයේ ගිනිදැල්ලෙන් දැවෙන සීතල හදවත උණුසුම කරගැනීමට වෙර දරන ඔහුගේ අහිංසක බලාපොරොත්තුව. පළමු හමුවෙන් පසු රාත්‍රියක ඇගේ ජිවිත කතාව දැන ගන්නා ඔහු, ඇගේ අවංක ප්‍රාර්ථනාව ඉටු වන තුරු ඇයට උපකාර කිරීමට ප්‍රතිඥා දෙන අතර ආදරයේ බලාපොරොත්තු ව හද කොනකට ඇද දමන අතර  නස්ටෙන්කාගේ ඉවසීම පරදවා ඔහුගේ පෙම් පැතුම් ඉටු වෙන්නට එකම එක නිමේශයක් තිබිය දී පිටර්ස්බර්ග යේ විදියක දී........ පොඩ්ඩක් ඉන්න.....

“දස මසක් මා කුස තුල හුන් පුතුනේ……”

Image
පිංතුරය අන්තර්ජාලයෙනි  අලුත උපන් කිරිකැටියා කැලය ට වීසි කල ගැහැණිය නීතියේ රැහැනට. - ප්‍රවෘත්තීය. හොඳ වැඩේ ඕකුන්ට. වේ…. කමේ ගිහින් දරුවෝ හදා ගත්ත මදිවට ඒ අහිංසකයව මැරෙන්ඩ කැලේට  විසික් කරලා….එල්ලන්ඩ ඕනේ. පරට්ටි.- ප්‍රතිචාර ගැහැණිය... වරදකාරිය...කඳුලින් පිරි දෙනෙත් පතුලේ වූ හදවතේ කව්ළුවක් විවර කර එකම එක සුසුමක ට පිට වන්නට ඉඩ හරින්නිය  ……. ඒ සුසුමෙන් තනුවක් තැනිනි. ඒ තනුවේ අකුරු වැලක් ඇමිනුනි. ගායිකාව ඒ වදන් ගී කර ගයන්නී…….. ‘පවනේ’ පාවී ආ ඒ සුසුම් ගී විලාපය  මා දෙසවන් සිප ගති. ඔබත් අසන්න මා ප්‍රිය හිතවත...හිතවතිය. වරක් නොව තව වරක්. “දස මසක් මා කුස තුල හුන් පුතුනේ දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන නයි පොලගුන් ගෙන් මවක ලබාවා වග වලසුන් ගෙන් පියකු ලබාවා දැඩි වී වග වලසුන් අතරේ වලසකු වී ඇවිදි න් පුතුනේ…….. විසි කරන්නට දරුවන් තනනා ලෝකයා කා වනසන් පුතුනේ….. සැතපී නයි පොලගුන් දරනේ පොලගකු වී අවුදින් පුතුනේ……. අහක දමන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ……..” පද රචනය : මහැදුරු සු...