“දස මසක් මා කුස තුල හුන් පුතුනේ……”
![]() |
| පිංතුරය අන්තර්ජාලයෙනි |
අලුත උපන් කිරිකැටියා කැලය ට වීසි කල ගැහැණිය නීතියේ රැහැනට. - ප්‍රවෘත්තීය.
හොඳ වැඩේ ඕකුන්ට. වේ…. කමේ ගිහින් දරුවෝ හදා ගත්ත මදිවට ඒ අහිංසකයව මැරෙන්ඩ කැලේට විසික් කරලා….එල්ලන්ඩ ඕනේ. පරට්ටි.- ප්‍රතිචාර
ගැහැණිය...
වරදකාරිය...කඳුලින් පිරි දෙනෙත් පතුලේ වූ හදවතේ කව්ළුවක් විවර කර එකම එක සුසුමක ට පිට වන්නට ඉඩ හරින්නිය …….
ඒ සුසුමෙන් තනුවක් තැනිනි.
ඒ තනුවේ අකුරු වැලක් ඇමිනුනි.
ගායිකාව ඒ වදන් ගී කර ගයන්නී……..
‘පවනේ’ පාවී ආ ඒ සුසුම් ගී විලාපය මා දෙසවන් සිප ගති.
ඔබත් අසන්න මා ප්‍රිය හිතවත...හිතවතිය.
වරක් නොව තව වරක්.
“දස මසක් මා කුස තුල හුන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබට
දෑස පියාගෙන
නයි පොලගුන් ගෙන් මවක ලබාවා
වග වලසුන් ගෙන් පියකු ලබාවා
දැඩි වී වග වලසුන් අතරේ
වලසකු වී ඇවිදි න් පුතුනේ……..
විසි කරන්නට දරුවන් තනනා
ලෝකයා කා වනසන් පුතුනේ…..
සැතපී නයි පොලගුන් දරනේ
පොලගකු වී අවුදින් පුතුනේ…….
අහක දමන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ……..”
පද රචනය : මහැදුරු සුනිල් ආරියරත්න.
ගායනය : විශාරද නන්දා මාලනී.

Comments
Post a Comment