The Virgin Spring (1960) - නිර්මල දිය දහර.
එය පැන නගින්නේ කොතනින්ද?
දෙවියනට බිය පක්ෂපාත මිනිසුන්ගේ යාඥාවකින් ද …?
ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් පිරුණු ගැහැණියකගේ පාපී චේතනාවකින්ද….?
දෙවියන් විසින් පිටුවහල් කල සුගති උයනෙහි වල්මත් වූ අධර්මිෂ්ඨයන්ගේ දුෂ්ඨ අශාවකින් ද…….?
එසේත් නැතිනම් එය පැන නගින්නේ
පවිත්‍ර නිර්මල කන්‍යාවියගේ කිලිටි කල සිරුර සිපාචාර කරනා මිනිසකුගේ ශුද්ධ ආත්මය ගිනි බත් කල පළිගැනීමේ වුවමනාවකින් ද……?
ආලෝකයෙන් සැගවූ මිනිස් ජිවිතයේ අඳුරු කලාපය තුලනය කරනා යමක් වේද, ඒ නම් ආගම යැයි මම කියමි. ඒ නම් විශ්වාසය යැයි මම කියමි.
ශතවර්ෂ බොහෝ ගනනක් දිගු පරිනාමයේදී ඔහුට අත හැරීමට නොහැකි වූ විශ්වාසය…..ලෙහෙසියෙන් අතහරින්න ඔහුට පුළුවන් වේ යැයි සිතීමද අනුවණ කමෙකි.
එය කල නොහැක්කකි
විශ්වාසය…...ඔව්.
එය මිත්‍යාවකි,
එය බොරුවකි.
නමුත්….,ස්ථිරසාර හඬකින් එය පැවසිය හැක්කේ කා හටද ?
නමුත්…..නමුත්. ඔබට ඔබගේ විශ්වාසය ප්‍රශ්න කල හැකිය.
ඔබට ආගම ප්‍රශ්න කල හැකිය.
ප්‍රශ්නය සමහන් වෙන තුරා ඔබට ප්‍රශ්න කල හැකිය.
ඔබ වසා ගත් ජිවිතයේ අඳුරු කලාපය ක්ෂය වී යනතුරා ඔබට එය ප්‍රශ්න කල හැකිය.
පරමපරා බොහෝ ගණනකට පසුව මිනිසාගේ මුළු ජීවිතය ම ආලෝකයෙන් පරිපුර්ණ වන මොහොත එලබෙනු ඇත.
ආලෝකය සියල්ල වසා ගත කල බිය අතුරුදහන් වනු ඇත.
බිය තවදුරටත් නොපවතිනා කල…………?
…………………………………………..
එතෙක් ඒ නිර්මල දිය දහරට ගලා යන්න ඉඩ දෙන්න.
*****බොහෝ විට මට Bergman ව තේරුම් ගැනීම තරමක් දුෂ්කර ප්‍රයත්නයකි.
නමුත්, මට.
Sven Nykvist ව ලෙහෙසියෙන්ම තේරුම් ගත හැකිය.
ඔහුගේ තෙවැනි ඇසට හසුවන බර්ග්මාන් ගේ සිතුවිළි කෙතරම් මා සිත ගන්නේද යත්,වර්ණ දහසකින් අලංකෘත වූ රුපරාමුවකට වඩා සරල වර්ණ තුනක බහාලු ඒ රුපය ආනන්ද ජනක යැයි මම සිතමි.
ආනන්දයෙන් ප්‍රඥාව ට නම්…..
ආනන්දය Sven Nykvist ගේය.
ප්‍රඥාව Ingmar Bergman ගේය.******![]() |
| Ingmar bergman and Sven Nykvist |


Comments
Post a Comment