Darkest Hour 2018 - පර සුද්දා.! අධිරාජ්‍යවාදියා......
මගේ සිත මා වඩාත් ප්‍රිය කරන නළුවකුගේ රංගනයේ උපරිමයක දී වශීකෘතව තිබුණි. ඔලුවේ දහසක් සිතුවිලි අවදි වෙමින් තිබුණි.උණුසුම් අන්ධකාරය දිය කරමින් විදුලි එලි දැල්වෙද්දී අපි සීතල ට එකතු වූවෙමු.
හියර්…..අල්ලපු රටේ මිතුරා දුම් වැටිය දිගු කරමින්ම කතාවට මුල පිරිය.
‘’උඹ දන්නවද අවුරුදු තුන්සීයක් අපේ රට හූරගෙන කාපු. අපෙන් පෝසත් වුනු ඔය සුද්දා අපේ ගාන්ධි ජි ට කිව්වේ මොකක්ද කියලා. අපේ මහා පුරුෂයෝ උන්ට අඩ නිරුවත් සන්නාසියෝ වුනා. අපි ඌරො වුනා. අපේ රට උන්ට අපායක් වුනා…….ඒත් උන් අපෙන් පෝසත් වුනා. අපේ මිනිස්සු දාස් ගානක් බඩගින්නේ මැරෙද්දි ඔය සුද්දා අපිට හාල් ඇටයක් දෙන්ඩ එපා කිව්වා..ඒත් අපේ මිනිස්සු ලස්ස ගානක් උන්ගේ යුද්දෙකට දැක්කුවා හරක් වගේ.
අන්තිමට උන් අපේ රට කෑලි කෑලි කරා. අපිව බේද භින්න කරා. විරුද්ධ වෙච්ච සහෝදරයෝ දාස් ගානක් තුච්ච විදියට මරල දැම්ම.අපිට අපේම සහෝදරයට, අපේම භූමියට වෛර කරන්ඩ කියලා දීලා ඌ යන්න ගියා. අපි අදටත් ඒ ගින්දරෙන් පිච්චෙනවා.

ඒත් උන් උන්ගේ රට ට ආදරේ කරා. උන්ගේ රට ජාතිය වෙනුවෙන් ජිවිතේ කැප කළා.
ඔය පර සුද්දගේ රට අදටත් එක්සත් රාජධානිය.
මගේ මහා භාරතය අද නිකන්ම නිකං ඉන්දියාව.”
ඔය පර සුද්දගේ රට අදටත් එක්සත් රාජධානිය.
මගේ මහා භාරතය අද නිකන්ම නිකං ඉන්දියාව.”
මම කිසිවක් ම නොකීවෙමි. කුලී රිය ප්‍රමාදය. තවත් දුම් වැටියක් දල්වා ගතිමි. Joe Wright ගේ කලාවේ මතුපිට සුන්දරත්වය මුළු හදවතින්ම සෝදා හැරියෙමි.
මට දැන් සිතන්නට හිතෙයි.. එකෙක් ට දෙයක් පුජනියයි. තවකෙක්ට ඒකම තවත් තැනකදී පුජනියයි.එතකොට තවත් එකෙක් ට……………? ඇත්තටම කව්ද හතුරා. කව්ද දේශප්‍රේමියා..ඒ නිසාම මං මොකෙක්ද….හතුරෙක්ද…...දේශප්‍රේමියෙක්ද……..
‘ලෙට්ස් ගෝ……….’
කුලී රිය පා මුල නතර විනි. ‘එංග පෝර දොර’.....කට්ට කළු රියදුරු තරුණයා විමසන්නේ සිනහ මුහුණිනි.
සිරි ලාංකි……?
ආම දොර…
උර් එන්කයි..?
මට්ටකලපු බ්‍රදර්.…..
නින්ක සිංගල….?
ආම මචා…..
මම මගේ දේශප්‍රේමී මිතුරාට හොරෙන් මගේ ජාති ආලය අඳුරු සීතලේ තනිකර රියට රිංගා ගතිමි.

Comments
Post a Comment