The Light Between Oceans - ආලෝකයේ පාට හොයා ගමු
ඉස්සරෝම දවසක, බොහොම ඉස්සර පොතක පිටු අතරේ අකුරු වල ක අතරමං වෙලා ඉන්න මොහොතක මට හමු වුනා පුංචි දැරිවියක්, එයා දුර්ගා. ඒත් ඒ අකුරු අතරේ දුව පැන ඇවිදපු පුංචි දැරිවියගේ ජීවිත නිමේෂය...ඇගේ දයාර්ද ‘භාවය’ මගේ ගොරහැඩි හදවත පතුලට ම දන්වන්න තරම් හයියක් ඒ මනස්කාන්ත වචන වලට වත් තිබුනේ නැහැ.
නමුත් ...
මම හැමදා ම ඈ ගැන හිතුවා.
බොහෝම කාලයකට පස්සේ හවස් වරුවක නගරයේ තැනක, අඳුරු අවකාශයක...රිදී තිරයක.
ඈ මගේ ඇස් ඉස්සරහටම එනකොට මගේ හිස පිටුපස්සේ හීනියට හිරි වැටිලා ගියා.
පුංචි සහෝදරයාගේ අත් අල්ලාන කෝච්චිය දිහා ඈ බලන් ඉන්න කොට.
ඇත්තම බෙංගාලයේ ගම ගෙයක මිදුලක ඈ දුව පැන ඇවිදින කොට.
මහා සැඩ කුණාටුව ක් අභියස තැති ගත් ඒ දැරිවිය ගේ දෙනෙත් දිහා බලන් ඉන්න කොට.
මගේ හදවත මහා බර පොදියකින් තෙත බරියන් වෙලා සැහැල්ලු වෙලා යනකොට…..
මම දැන ගත්තා දෙයක්.
ඔව් මම ඉපදිලා ඉන්නේ කියවන්න විතරක් නෙමෙයි….
මම ඉපදිලා ඉන්නේ දකින්න….
ඒ අකුරු පාලු අඳුරු අවකාශය දී මගේ ඇස් ඉස්සරහ ජීවමාන වෙනයුරු දකින්න.
ඉතිං….
කාලෙකට කලින් දැනුන ඒ හැඟීම මට අදත් දැනුනා…..
සමහර විට ඊටත් වැඩියෙන්…..
සතුටුයි…..ඇත්තටම මට සතුටුයි.
නිර්මාණ කරුවෝ කියන්නේ කොයිතරං නං අපුරු රටාවක්ද….
ජිවිත සතුටු කරන තාලය ක්ද…...
(හිතාන හිටියේ දෙයක් ලියන්න තමයි.....ඒත් ඇත්තටම හිතේ තිබුන දෙයක් ලියවුනාදෝ........)

Comments
Post a Comment