එකම එක කතාන්දරයක්......., චිත්‍රපට ගොඩාක් සමග රස ආශ්වාදයේ අපුර්වත්වය.
සමාජවාදයට පෙර රුසියාවේදී...,1848 දී....,28 හැවිරිදි තරුණ ප්යෝදෝර් දොස්තොව්ස්කි කෙටි කථාන්දරයක් ලියුවේ ය.
තනිකම රජයන හදවතක ...ආදරනිය බලාපොරොත්තු ...නිර්මල ප්‍රාර්ථනා වක් හමුවේ විරහවේ ගිලෙන'යුරු පරමාදර්ශී රෝමාන්තික රිද්මයකින් අකුරු කල ඔහු ශත වර්ෂ යකටත් අදික කාලයක තරුණ හදවත් වල ආදරය දිනා ගත් කතාන්දරයක් බිහි කළේය.
ඉවාන් තුර්ගනෙව් ගේ කාව්‍යයකින් කතාව ඇරබේ...
පාලු හුදකලා ජීවිතයකට ගිලී සිටින පිරිසුදු හදවතක් ඇති තනිකඩයා ගේ අව්‍යාජ උපකාරය ට හිමිකම් කියන...,තමා හැර දමා දුර ඈත මොස්කොව් වෙත ගිය පෙම්වතා එන තුරු දින ගනින 'නස්ටෙන්කා' නම් වූ රූමතිය. ඇගේ නිර්මල තාරුණ්‍යය හමුවේ ආදරයේ ගිනිදැල්ලෙන් දැවෙන සීතල හදවත උණුසුම කරගැනීමට වෙර දරන ඔහුගේ අහිංසක බලාපොරොත්තුව.
පළමු හමුවෙන් පසු රාත්‍රියක ඇගේ ජිවිත කතාව දැන ගන්නා ඔහු, ඇගේ අවංක ප්‍රාර්ථනාව ඉටු වන තුරු ඇයට උපකාර කිරීමට ප්‍රතිඥා දෙන අතර ආදරයේ බලාපොරොත්තු ව හද කොනකට ඇද දමන අතර
නස්ටෙන්කාගේ ඉවසීම පරදවා ඔහුගේ පෙම් පැතුම් ඉටු වෙන්නට එකම එක නිමේශයක් තිබිය දී පිටර්ස්බර්ග යේ විදියක දී........
පොඩ්ඩක් ඉන්න......?
මේ කතාව ඔබ කොහේදී හරි දැකල තියෙනව ?
චිත්‍රපටයක දැකලා තියෙනවා ?
ඒ .......
![]() |
| Le Notti Bianche 1957 |
නැත්නම්,
සෝවියට් රුසියාවේ වෙනුවෙන් ප්‍රචාරකවාදී සිනමාව ක නියැලුණු Ivan Pyryev විසින් 1959 දී නිර්මාණය කෙරුණු
Belye nochi (White Nights) චිත්‍රපටයෙන්......ද
එහෙමත් නැතිනම් ,
![]() |
| Chhalia 1960 |
1960 දී රාජ් කපුර්,නුටාන්,ප්රාන් වැනි තරු පිරිවරාගෙන Manmohan Desai ගේ අදියුරුවෙන් බොලිවුඩ් අබරේ පෑයූ Chhalia නම් වූ 'සුපර් හිට්' (ඩම් ඩම් ඩිගා ඩිගා.......) එකේ ද ......
![]() |
| Quatre nuits d'un rêveur (Four Nights of a Dreamer) 1973 |
ප්‍රංශ නව රැල්ලේ අධ්‍යාත්මික සිනමාවේදියා වුන Robert Bresson විසින් 1973 දී හදපු Quatre nuits d'un rêveur (Four Nights of a Dreamer) නම් වූ සම්මානනීය නිර්මාණයෙන්ද......
![]() |
| Shabhaye roshan (White Nights) 2003 |
Shabhaye roshan (White Nights) නමින් 2003 දී නිර්මාණය වුන සරල සුන්දර ඉරාන සලරුවෙන් ද
එතකොට.....
![]() |
| Iyarkai 2003 |
2003 දී ම හොඳම දමිල වෘතාන්ත චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියානු ජාතික සම්මානය දිනු Iyarkai චිත්රපට යේත් ඔබ දුටුවේ තරුණ හදවත් දෙකක් අතර සිරවූ 'නස්ටෙන්කා' ගේ කතාන්දරයම ද
ආ..........ඔයා කියන්න හැදුවේ...,
![]() |
| Ahista Ahista 2006 |
අබේ ඩියෝල් එහෙම හිටපු 2006 හදපු Ahista Ahista
තව
![]() |
| Saawariya 2007 |
අමුතුම වර්ණ වලින් පිරිච්ච ෆැන්ටසිය මුසු රෝමාන්තික නිර්මාණ කරනයේ බොලිවුඩ් ලකුණ Sanjay Leela Bhansali කියන අපූරු නිර්මාණකරුවාගේ Saawariya චිත්‍රපටයේ තිබුනෙත් මේ කතාවම යි නේ ද කියලාද ......
මොනවා.........රිදී තිරයේ තවත් මේ වගේ කතා ඔබ දැකලා තියෙනවා.....මොනවා.........රිදී තිරයේ තවත් මේ වගේ කතා ඔබ දැකලා තියෙනවා.....
![]() |
| Two Lovers 2008 |
2008 දී James Gray හදපු Two Lovers කියන ඇමෙරිකානු චිත්‍රපටයෙත් තිබුනේ මේ කතාවම ද.........?









Comments
Post a Comment