Posts

මාගම් සෝලිය.පිරිමින්ගේ පොළොවේ ගැහැණු... ගැහැණුන්ගේ අහසේ පිරිමි.. ඉතිහාසය ෆැන්ටසියක දැකීම.

Image
සිංහලයෙන් ලියන ලේඛකයන් සහ සිංහලයෙන් කියවන පාඨකයන් අතර මා දකිනා පරිද්දෙන් සදාතනික බැඳීමක් තිබේ. ඒ නම්, ලේඛකයා සම්ප්‍රදායික ආකෘතියෙන් මිදී තම සිතුවිළි හැසිරවීමට මැලිකමක් දක්වන අතරම පාඨකයා ද යල්  පැන ගිය ආකෘතියෙන් මිදී කොටුවෙන් පිට සාහිත්‍යය විඳින්නට බිය වීමයි. කාලෙකට ඉහත සයිමන් නවගත්තේගමයන් වැන්නවුන් සම්ප්‍රදායික රාමුවෙන් පිට රචනාව සිංහල පාඨකයින්ට විඳින්නට සැලැස්වූ  නමුදු මා  දන්නා පරිදි බහුතරයකට ඔහුගේ ලියවිල්ල අපබ්‍රන්සයක්ම විය. ‘මොහාන් රාජ් මඩවල’ (මේ  මා ඔහු කියවන පළමු සහ අවසන් වතාවයි) විසින්  මේ රචනාව තුල සිංහල කථාන්දර කලාව වෙනස් රාමුවක බහා ගොතන්නට ගත් උත්සාහය සැබවින්ම අගය කල යුතුය. අවංකවම සමගාමී ලෝක සාහිත්‍යය අසුරු කරන්නෙකුට ඔහුගේ කතාව කලින් කියවා පුරුද්දක් බව දැනුනද…… සිංහල භාෂාවේ අලංකාරය දකින්නට කැමත්තෙන් කියවන්නෙකුට  ඔහුගේ ලියවිල්ල දුප්පත් බව හැඟුනද……. කතාවේ දාර්ශනික කියවීමට අත්‍යවශ්‍ය වූ රමණයේ ශ්රුන්ගාරාත්මක විස්තරය ඒ ඒ අවස්ථාවන්ට අනුරුප නොවන ලෙසින් හුදු කාමොත්පාදක රචනාවක් ලෙසින් ලියවී තිබුනද……(වෙළඳ උපක්‍රමයක් දෝයි සිතෙන තරමට ) ...

එකම එක කතාන්දරයක්......., චිත්‍රපට ගොඩාක් සමග රස ආශ්වාදයේ අපුර්වත්වය.

Image
සමාජවාදයට පෙර රුසියාවේදී...,1848 දී....,28 හැවිරිදි තරුණ ප්යෝදෝර් දොස්තොව්ස්කි කෙටි කථාන්දරයක් ලියුවේ ය. තනිකම රජයන හදවතක ...ආදරනිය බලාපොරොත්තු ...නිර්මල ප්‍රාර්ථනා වක්  හමුවේ විරහවේ ගිලෙන'යුරු පරමාදර්ශී රෝමාන්තික රිද්මයකින් අකුරු කල ඔහු  ශත වර්ෂ යකටත් අදික කාලයක තරුණ හදවත් වල ආදරය දිනා ගත් කතාන්දරයක් බිහි කළේය.  ඉවාන් තුර්ගනෙව් ගේ කාව්‍යයකින් කතාව ඇරබේ... පාලු හුදකලා ජීවිතයකට ගිලී සිටින  පිරිසුදු හදවතක් ඇති තනිකඩයා ගේ අව්‍යාජ උපකාරය ට හිමිකම් කියන...,තමා හැර දමා දුර ඈත මොස්කොව් වෙත ගිය පෙම්වතා එන තුරු දින ගනින 'නස්ටෙන්කා' නම් වූ රූමතිය. ඇගේ නිර්මල තාරුණ්‍යය හමුවේ ආදරයේ ගිනිදැල්ලෙන් දැවෙන සීතල හදවත උණුසුම කරගැනීමට වෙර දරන ඔහුගේ අහිංසක බලාපොරොත්තුව. පළමු හමුවෙන් පසු රාත්‍රියක ඇගේ ජිවිත කතාව දැන ගන්නා ඔහු, ඇගේ අවංක ප්‍රාර්ථනාව ඉටු වන තුරු ඇයට උපකාර කිරීමට ප්‍රතිඥා දෙන අතර ආදරයේ බලාපොරොත්තු ව හද කොනකට ඇද දමන අතර  නස්ටෙන්කාගේ ඉවසීම පරදවා ඔහුගේ පෙම් පැතුම් ඉටු වෙන්නට එකම එක නිමේශයක් තිබිය දී පිටර්ස්බර්ග යේ විදියක දී........ පොඩ්ඩක් ඉන්න.....

“දස මසක් මා කුස තුල හුන් පුතුනේ……”

Image
පිංතුරය අන්තර්ජාලයෙනි  අලුත උපන් කිරිකැටියා කැලය ට වීසි කල ගැහැණිය නීතියේ රැහැනට. - ප්‍රවෘත්තීය. හොඳ වැඩේ ඕකුන්ට. වේ…. කමේ ගිහින් දරුවෝ හදා ගත්ත මදිවට ඒ අහිංසකයව මැරෙන්ඩ කැලේට  විසික් කරලා….එල්ලන්ඩ ඕනේ. පරට්ටි.- ප්‍රතිචාර ගැහැණිය... වරදකාරිය...කඳුලින් පිරි දෙනෙත් පතුලේ වූ හදවතේ කව්ළුවක් විවර කර එකම එක සුසුමක ට පිට වන්නට ඉඩ හරින්නිය  ……. ඒ සුසුමෙන් තනුවක් තැනිනි. ඒ තනුවේ අකුරු වැලක් ඇමිනුනි. ගායිකාව ඒ වදන් ගී කර ගයන්නී…….. ‘පවනේ’ පාවී ආ ඒ සුසුම් ගී විලාපය  මා දෙසවන් සිප ගති. ඔබත් අසන්න මා ප්‍රිය හිතවත...හිතවතිය. වරක් නොව තව වරක්. “දස මසක් මා කුස තුල හුන් පුතුනේ දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන නයි පොලගුන් ගෙන් මවක ලබාවා වග වලසුන් ගෙන් පියකු ලබාවා දැඩි වී වග වලසුන් අතරේ වලසකු වී ඇවිදි න් පුතුනේ…….. විසි කරන්නට දරුවන් තනනා ලෝකයා කා වනසන් පුතුනේ….. සැතපී නයි පොලගුන් දරනේ පොලගකු වී අවුදින් පුතුනේ……. අහක දමන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ……..” පද රචනය : මහැදුරු සු...

The Virgin Spring (1960) - නිර්මල දිය දහර.

Image
එය පැන නගින්නේ කොතනින්ද? දෙවියනට බිය පක්ෂපාත මිනිසුන්ගේ යාඥාවකින් ද …? ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් පිරුණු ගැහැණියකගේ පාපී චේතනාවකින්ද….? දෙවියන් විසින් පිටුවහල් කල සුගති උයනෙහි වල්මත් වූ අධර්මිෂ්ඨයන්ගේ දුෂ්ඨ අශාවකින් ද…….? එසේත් නැතිනම් එය පැන නගින්නේ පවිත්‍ර නිර්මල කන්‍යාවියගේ කිලිටි කල සිරුර සිපාචාර කරනා මිනිසකුගේ ශුද්ධ ආත්මය ගිනි බත් කල  පළිගැනීමේ වුවමනාවකින් ද……? ආලෝකයෙන් සැගවූ මිනිස් ජිවිතයේ අඳුරු කලාපය තුලනය කරනා යමක් වේද, ඒ නම් ආගම යැයි මම කියමි. ඒ නම් විශ්වාසය යැයි මම කියමි. ශතවර්ෂ බොහෝ ගනනක් දිගු පරිනාමයේදී ඔහුට අත හැරීමට නොහැකි වූ විශ්වාසය…..ලෙහෙසියෙන් අතහරින්න ඔහුට පුළුවන් වේ යැයි සිතීමද අනුවණ කමෙකි. එය කල නොහැක්කකි     ඔහු ඔහුගේ විශ්වාසය අත් හල කල, ඔහුගේ ඇට මිදුළු තුළ සැඟවී ඇති බිය ඔහුව ගිලගනු ඇත.ද්වේශය ඔහුව පාගා දමනු ඇත.අනාදිමත් කාලයක සඟවා තැබූ දුක් වේදනාවෙන් පිරි  පළිගැනීමේ ආශාව ඔහුට මෘග වේශයක් ගෙනෙනු ඇත. විශ්වාසය…...ඔව්. එය මිත්‍යාවකි, එය බොරුවකි. නමුත්….,ස්ථිරසාර හඬකින් එය පැවසිය හැක්කේ කා හටද ? නමුත්…..න...