Predestination (2014)
පළමු ජවනිකාව....... 1970 නොවැම්බර් 06 මාරාන්තික බෝම්බ කරුවාට බියෙන් සලිත වූ නිව්යෝක් නගරය පලා යාමට තරම් එඩිතර නොවූ බේබද්දන් කීප දෙනෙක් සමග තනි වූ අවන්හල කවුන්ටරයෙන් මෙපිට "අවිවාහක මව" හෙවත් ජේන් හෙවත් ජෝන්. කවුන්ටරයෙන් එපිට "බාර්කිපර්" හෙවත් කාල යාත්‍රිකයා හෙවත් සංවිදානයේ ඒජන්තයා. "තමුසෙට විහිළු තෙරෙන්නේ නැද්ද...?" කියනවකො බලන්න විහිළුවක්..... මොනවා බාර් කිපරයෙක් වෙලා තමුසේ විහිළුවක් වත් දන්නේ නැද්ද..එකක්වත්. හරි මං අහගෙන ඉන්නේ කියනවකො........ "මොකාද ආවේ ඉස්සෙල්ල කිකිලිද.....බිත්තරේද?" මොහොතක නිහැඩියාව.... සරදම් සුසුම සමග........ "කුකුළා......." දිගම දිග ආත්ම කථනයකට පසු..... දිගම දිග සවන්දිමකට පසු..... ඊළඟ ජවනිකාව, 1963 අප්‍රේල් 03 වැසිබර සැන්දෑවක රාත්‍රී පාසල් දොරටුව අභියස එක පසෙක අනාගතයේ ජෝන් හෙවත් වර්තමානයේ ජෝන් හෙවත් අතීතයේ ජේන්. අනෙක් පස අනාගතයේ ජෝන් හෙවත් වර්තමානයේ ජේන් හෙවත් අතීතයේ ජේන්. "සමාවෙන්න.." "මම කෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ" "ඇත්තට ඔබ දන්නවද....ඒ ගොල්ලෝ කියන්නේ මග බලාගෙන ඉන්න අ...