Posts

Showing posts from December, 2015

“දස මසක් මා කුස තුල හුන් පුතුනේ……”

Image
පිංතුරය අන්තර්ජාලයෙනි  අලුත උපන් කිරිකැටියා කැලය ට වීසි කල ගැහැණිය නීතියේ රැහැනට. - ප්‍රවෘත්තීය. හොඳ වැඩේ ඕකුන්ට. වේ…. කමේ ගිහින් දරුවෝ හදා ගත්ත මදිවට ඒ අහිංසකයව මැරෙන්ඩ කැලේට  විසික් කරලා….එල්ලන්ඩ ඕනේ. පරට්ටි.- ප්‍රතිචාර ගැහැණිය... වරදකාරිය...කඳුලින් පිරි දෙනෙත් පතුලේ වූ හදවතේ කව්ළුවක් විවර කර එකම එක සුසුමක ට පිට වන්නට ඉඩ හරින්නිය  ……. ඒ සුසුමෙන් තනුවක් තැනිනි. ඒ තනුවේ අකුරු වැලක් ඇමිනුනි. ගායිකාව ඒ වදන් ගී කර ගයන්නී…….. ‘පවනේ’ පාවී ආ ඒ සුසුම් ගී විලාපය  මා දෙසවන් සිප ගති. ඔබත් අසන්න මා ප්‍රිය හිතවත...හිතවතිය. වරක් නොව තව වරක්. “දස මසක් මා කුස තුල හුන් පුතුනේ දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන නයි පොලගුන් ගෙන් මවක ලබාවා වග වලසුන් ගෙන් පියකු ලබාවා දැඩි වී වග වලසුන් අතරේ වලසකු වී ඇවිදි න් පුතුනේ…….. විසි කරන්නට දරුවන් තනනා ලෝකයා කා වනසන් පුතුනේ….. සැතපී නයි පොලගුන් දරනේ පොලගකු වී අවුදින් පුතුනේ……. අහක දමන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ……..” පද රචනය : මහැදුරු සු...

The Virgin Spring (1960) - නිර්මල දිය දහර.

Image
එය පැන නගින්නේ කොතනින්ද? දෙවියනට බිය පක්ෂපාත මිනිසුන්ගේ යාඥාවකින් ද …? ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් පිරුණු ගැහැණියකගේ පාපී චේතනාවකින්ද….? දෙවියන් විසින් පිටුවහල් කල සුගති උයනෙහි වල්මත් වූ අධර්මිෂ්ඨයන්ගේ දුෂ්ඨ අශාවකින් ද…….? එසේත් නැතිනම් එය පැන නගින්නේ පවිත්‍ර නිර්මල කන්‍යාවියගේ කිලිටි කල සිරුර සිපාචාර කරනා මිනිසකුගේ ශුද්ධ ආත්මය ගිනි බත් කල  පළිගැනීමේ වුවමනාවකින් ද……? ආලෝකයෙන් සැගවූ මිනිස් ජිවිතයේ අඳුරු කලාපය තුලනය කරනා යමක් වේද, ඒ නම් ආගම යැයි මම කියමි. ඒ නම් විශ්වාසය යැයි මම කියමි. ශතවර්ෂ බොහෝ ගනනක් දිගු පරිනාමයේදී ඔහුට අත හැරීමට නොහැකි වූ විශ්වාසය…..ලෙහෙසියෙන් අතහරින්න ඔහුට පුළුවන් වේ යැයි සිතීමද අනුවණ කමෙකි. එය කල නොහැක්කකි     ඔහු ඔහුගේ විශ්වාසය අත් හල කල, ඔහුගේ ඇට මිදුළු තුළ සැඟවී ඇති බිය ඔහුව ගිලගනු ඇත.ද්වේශය ඔහුව පාගා දමනු ඇත.අනාදිමත් කාලයක සඟවා තැබූ දුක් වේදනාවෙන් පිරි  පළිගැනීමේ ආශාව ඔහුට මෘග වේශයක් ගෙනෙනු ඇත. විශ්වාසය…...ඔව්. එය මිත්‍යාවකි, එය බොරුවකි. නමුත්….,ස්ථිරසාර හඬකින් එය පැවසිය හැක්කේ කා හටද ? නමුත්…..න...