Posts

Showing posts from April, 2016

මාගම් සෝලිය.පිරිමින්ගේ පොළොවේ ගැහැණු... ගැහැණුන්ගේ අහසේ පිරිමි.. ඉතිහාසය ෆැන්ටසියක දැකීම.

Image
සිංහලයෙන් ලියන ලේඛකයන් සහ සිංහලයෙන් කියවන පාඨකයන් අතර මා දකිනා පරිද්දෙන් සදාතනික බැඳීමක් තිබේ. ඒ නම්, ලේඛකයා සම්ප්‍රදායික ආකෘතියෙන් මිදී තම සිතුවිළි හැසිරවීමට මැලිකමක් දක්වන අතරම පාඨකයා ද යල්  පැන ගිය ආකෘතියෙන් මිදී කොටුවෙන් පිට සාහිත්‍යය විඳින්නට බිය වීමයි. කාලෙකට ඉහත සයිමන් නවගත්තේගමයන් වැන්නවුන් සම්ප්‍රදායික රාමුවෙන් පිට රචනාව සිංහල පාඨකයින්ට විඳින්නට සැලැස්වූ  නමුදු මා  දන්නා පරිදි බහුතරයකට ඔහුගේ ලියවිල්ල අපබ්‍රන්සයක්ම විය. ‘මොහාන් රාජ් මඩවල’ (මේ  මා ඔහු කියවන පළමු සහ අවසන් වතාවයි) විසින්  මේ රචනාව තුල සිංහල කථාන්දර කලාව වෙනස් රාමුවක බහා ගොතන්නට ගත් උත්සාහය සැබවින්ම අගය කල යුතුය. අවංකවම සමගාමී ලෝක සාහිත්‍යය අසුරු කරන්නෙකුට ඔහුගේ කතාව කලින් කියවා පුරුද්දක් බව දැනුනද…… සිංහල භාෂාවේ අලංකාරය දකින්නට කැමත්තෙන් කියවන්නෙකුට  ඔහුගේ ලියවිල්ල දුප්පත් බව හැඟුනද……. කතාවේ දාර්ශනික කියවීමට අත්‍යවශ්‍ය වූ රමණයේ ශ්රුන්ගාරාත්මක විස්තරය ඒ ඒ අවස්ථාවන්ට අනුරුප නොවන ලෙසින් හුදු කාමොත්පාදක රචනාවක් ලෙසින් ලියවී තිබුනද……(වෙළඳ උපක්‍රමයක් දෝයි සිතෙන තරමට ) ...